අන්තර් පාසල් මාධ්‍ය තරඟ ජය

අන්තර් පාසල් මාධ්‍ය තරඟ ජය නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයීය මාධ්‍ය ඒකකය සංවිධානය කළ අඩහැරය අන්තර් පාසල් මාධ්‍ය තරගාවලිය පසුගියදා නිමාවට පත්විය.එහිදි අප විද්‍යාලයීය ජනමාධ්‍ය ඒකකය නියෝජනය කළ කුවිදු එදිරිසිංහ හා නෙතුම් ප්‍රනාන්දු කණිෂ්ඨ අංශයේ ඉංග්‍රීසි නිවේදන හොඳම පස්දෙනා අතරට තේරි පත්විය.එම තරගාවලියේම ඡායාරූපකරණය අංශය සදහා හොඳම පස්දෙනා අතරට දුලේන් රත්නායක සොයුරා තේරි පත්විය.

තවද කොළඹ ඩී.ස් සේනානායක විද්‍යාලයීය මාධ්‍යය කවය සංවිධානය කළ නින්නාද මාධ්‍ය තරගාවලියේ ප්‍රතිඵලද පසුගිය දා ප්‍රකාශයට පත්විය. එහිදී කනිශ්ඨ සිංහල ප්‍රවෘත්ති සංස්කරණය අංශයට තරග වැදුනු යොශිත බුද්ධිම, ජිතුල ලිත්සර යන සොයුරන්ද , කනිශ්ඨ ඉංග්‍රීසි ප්‍රවෘත්ති සංස්කරණය අංශයට තරග වැදුනු සනුමිත ගෝමස් , විනුත් ලක්නිත යන සොයුරන්ද , ක්‍රීඩා විස්‍තර විචාරය අංශයට තරග වැදුනු දිනූප හේමාල් සොයුරාද හොදම දස දෙනාට තේරී පත් විය.

ජය ලැබූ සොයුරන්ට උණුසුම් සුභපැතුම්..!!!

Leave a Comment