ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීම 2022
ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීම 2022
කොළඹ මහානාම විද්‍යාලීය 2021/2022 ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිල ලාංඡන පැලඳවීම පසුගියදා නිමාවට පත් විය. පවතින තත්ත්වය අනුව ඉතා චාම් අයුරින් අඩු පිරිසකගෙන් සහභාගීත්වයෙන් මෙම අවස්ථාව මහානාම රඟහලේදී පැවැත්විය.
අභිනව ප්‍රධාන ශිෂ්‍ය නායකයා වශයෙන් රශ්මික ජයසිංහ සිසුවාටත්, ජ්‍යෙෂ්ඨ උප ප්‍රධාන ශිෂ්‍ය නායක වශයෙන් දමින්ද බිශාන් සිසුවාටත් උප ප්‍රධාන ශිෂ්‍ය නායකයන් තිදෙනෙක් හා ජ්‍යේෂ්ඨ ශිෂ්‍ය නායකයන් තිහකට ආසන්න පිරිසකුත් විදුහල්පති A.M.A.A.C පෙරේරා මැතිතුමා අතින් නිල ලාංඡන පැලඳවනු ලැබීය.
ඔවුන්ට විද්‍යාලීය ජනමාධ්‍ය ඒකකයේ උණුසුම් සුභ පැතුම්!