චතුර්මාන 2021 සහතික පත් ප්‍රදාන උත්සවය
චතුර්මාන 2021
කොළඹ මහානාම විද්‍යාලයීය ජනමාධ්‍ය ඒකකයේ 34 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කල “චතුර්මාන 2021″පාසල තුළ පැවැත්වූ මාධ්‍ය තරගාවලියේ ජයග්‍රාහකයන් සදහා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය 2021.12.17 වනදා මහානාම රගහලේදී සෞඛ්‍ය නීතී රීතීන්ට යටත්ව පැවැත්විය.
ඒ සදහා ගරුතර මහා සංඝරත්නය,ගරු විදුහල්පති ඒ.එම්.ඒ.ඒ.සී.පෙරේරා මැතිතුමන් , නියෝජ්‍ය විදුහල්පති නිශානි අල්විස් ගුරු මෑණියන් , විෂය සමගාමී සහකාර විදුහල්පති ගාමීණී සමරකෝන් ගුරු පියාණන් , සංගම් භාර ආචාර්ය හේමන්ති රෙජිනෝල්ඩ් ගුරු මෑණියන් ඇතුළු කළමණාකරණ මණ්ඩලයද , ජනමාධ්‍ය ඒකකයේ සභාපති යොමාල් මාලිත සොයුරා ඇතුළු නිලධාරී මණ්ඩලය ඇතුළු සාමාජික මහානාම සිසුන් ද මේ සදහා සහභාගී විය.
පැමිණ සිටින සියලු දෙනා පංච ශීලයේ සමාදන් වීමෙන් අනතුරුව පොල්තෙල් පහන් දැල්වීම සිදු කරන ලදී.අනතුරුව පැමිණ සිටින සියලු දෙනා පිළිගනු ලැබුවේ ජනමාධ්‍ය ඒකකයේ සභාපති යොමාල් මාලිත සොයුරා විසිනි.තවද අනාගත මහානාම මාධ්‍යවේදීන්ගේ විශේෂාංගයක් ද වේදිකාගත විය.
සෞන්දර්යාත්මක අංගවලින් හැඩවුණු උළෙලේ සහතික පත්‍ර ලබාදීම සිදු වූයේ කළමණාකරණ මණ්ඩලයේ ප්‍රධානත්වයෙනි.අනතුරුව විදුහල්පතිතුමාටත් , සංගම් භාර ආචාර්යතුමියටත් සමරු ඵලක ප්‍රදානය කරන ලදී.
සංගම් භාර ආචාර්යතුමියගේ ස්තූති කථාවෙන් පසුව වැඩකටයුතු අවසන් විය.