දෙවොල් මඩු ශාන්ති කර්මය 2022
දෙවොල් මඩු ශාන්ති කර්මය 2022
මහානාම ප්‍රජවටත් රටවැසි සියලුම දෙනාටත් සෙත්පතා විද්‍යාලීය ලියෝ සමාජයේ සංකල්පයක් ලෙස කොළඹ මහානාම විද්‍යාලය සංවිධානය කළ දෙවොල් මඩු ශාන්ති කර්මය පසුගියදා නිමාවට පත් විය. පහතරට නර්තන සම්ප්‍රදායට අයත් දෙවොල් මඩු ශාන්ති කර්මය පත්තිනි දෙවියන් මුලික කරගත් විශන්තියකි. උසස් පෙළ නර්තනය හා නාට්‍ය හා රංග කලාව හදාරන සිසුන්ට මෙය ඉතා වැදගත් විෂය කොටසක් වන අතර එකී නය්‍යාත්මක දැනුම ලබා දීම සදහා ආරාධිත පාසල් රැසක සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් අධ්‍යාපනික සම්මන්ත්‍රණයක් මාර්තු මස 24 වනදා පැවැත්විණි. ඊට පසු දින රාත්‍රී 7 සිට පසුදා පහන් වන තුරුම ශන්ති කර්මය පැවති අතරේය නැරඹීමට විශ්වවිද්‍යාලීය සිසුන්, පාසල් සිසුන්, කලාකරුවන් ඇතුළු බොහෝ දෙනෙකු සහභාගී වූහ. මෙහි සජීවි විකාශය TV Mahanama වෙතින් සම්ප්‍රේශණය කළ අතර 13, 000 අධික නැරඹුම් වාර ගණනක් හිමිවීම විශේෂත්වයකි. පසුදා දේව දානයෙන් හා ගරා යක් නැටීමෙන් ශාන්ති කර්මය අවසන් විය.