2021 බස්නාහිර පළාත් නිවේදන තරගාවලියේ ප්‍රතිපල
නිවේදන තරග ජය
බස්නාහිර පළාත් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් සංවිධානය කළ 2021 බස්නාහිර පළාත් නිවේදන තරගාවලිය පසුගිය දා නිමාවට පත් විය.
කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ යන අංශවලින් පැවැති අවසාන තරගයේදී කනිෂ්ඨ අංශයේ නිවේදන තරගයේ තුන්වන ස්ථානයට තේරී පත්වීමට මල්කෙත් ලෝනිල හා කුසලතා ස්ථානයට තේරී පත්වීමට ඉදුවර සදෙව් යන සොයුරන් සමත් විය.
තවද ජ්‍යෙෂ්ඨ අංශයේ අවසාන තරගයේ හොදම ප්‍රසාංගික නිවේදකයා බවට තේරී පත්වීමට ඉමේත් මන්දිව් හා හොදම ක්‍රීඩා විස්තර විචාරකයා ලෙස තේරී පත්වීමට ජනමාධ්‍ය ඒකකයේ සභාපති යොමාල් මාලිත යන සොයුරන් සමත් විය.
ඔබ සියලු දෙනාටම උණුසුම් සුභපැතුම්! ඔබ සියලු දෙනාගේම වැඩ කටයුතු සාර්ථක වේවා!
මෙයට,
සනුමිත ගෝමස්