විද්වාන් 2020 – අන්තර් නිවාස විවාද තරඟාවලිය

කොළඹ මහානාම විද්‍යාලයේ නැගී එන විවාදකයන්ගේ කුසලතා හා හැකියා වර්ධනය කිරීමේ අරමුණින් කථික විවාද සංගමය විසින් ප්‍රථම වරට සංවිධානය කළ ‘ විද්වාන් 2020 ‘ අන්තර් නිවාස විවාද තරඟාවලිය පසුගියදා නිමාවට පත් විය. එහිදී විද්‍යාලයේ විවාදකයන් මෙත්තා , කරුණා , මුදිතා , උපේක්ඛා යන සිව් නිවාසයන් නියෝජනය කරමින් තරග වැදුණු අතර ලීග් ක්‍රමයට පැවති මෙම තරඟාවලියේ අවසාන ලකුණු පුවරුවේ සිව්වෙනි ස්ථානය මෙත්තා නිවාසය ද කරුණා නිවාසය තෙවන ස්ථානය ද සමස්ත ලකුණු පුවරුවේ තම ස්ථාන වෙන් කර ගැනිමට සමත් විය. පසුව අවසාන මහා තරගය සදහා මුදිතා නිවාසය හා උපේක්ඛා නිවාසය සුදුසුකම් ලැබීමට සමත් විය. එහිදී තියුණු තරඟයකින් අනතුරුව සප්ත පුද්ගල විනිශ්චය මණ්ඩලයේ බෙදුනු තිරණයකට අනුව උපෙක්ඛා නිවාසය ශූරතාවය ද මුදිතා නිවාසය අනුශූරතාවය හිමිකරගැනිමට සමත් විය.

ඒලෙසින්ම අවසන මහා තරගයේ දක්ෂතම විවාදකයා ලෙස මුදිතා නිවාසයේ රුෂෙල් ශෙනාල් ද, අන්තර් නිවාස විවාද තරගාවලියේ දක්ෂතම විවාදකයා ලෙස කවිශ්ක මධුසංඛ කස්තුරිආරච්චි ද පත්විය. දක්ෂ නවක විවාදකයන් වෙනුවෙන් වෙන් වූ ‘ විද්වාන් 2020 ‘ අන්තර් නිවාස විවාද තරගාවලිය මෙලෙසින් අතිසාර්ථකව නිමාවට පත් විය.

For more information click here.

Recap of TV Mahanama official broadcast of VIDVAAN 2020


2 Thoughts to “විද්වාන් 2020 – අන්තර් නිවාස විවාද තරඟාවලිය”

Leave a Comment