විද්වාන් 2021සමස්ථ ශූරතාවය කොලඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට

 

කොළඹ මහානාම විද්‍යාලීය කථික හා විවාද සංගමය පාසල් විවාදක විවාදිකාවන්ගේ හැකියා, කුසලතා ඔප්නැංවීමේ අරමුණින් 5 වන වරටත් සංවිධානය කළ විද්වාන් සමස්ථ ලංකා අන්තර්පාඨශාලීය විවාද තරගාවලිය පසුගියදා නිමාවට පත් විය. එක් ශූරතාවක් පමණක ට සීමා නොවී පරාජිත කණ්ඩායම් වලටත් විවාද ක්ෂේත්‍රය තුළ අත්වැලක් වන්නට පළිහ,පළඟ,බඳුන ශූරතාවන් හඳුන්වා දීම සුවිශේෂත්වයකි.
ඒ අනුව පාසල් 38 අතුරින් අවසාන මහා විවාදය සඳහා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය හා පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය තරග වැදුණු අතර අවසාන විවාද කූටප්‍රාප්තිය TV Mahanama ඔස්සේ විශාල ග්‍රාහක ක්ෂේත්‍රයක් ආවරණය කරමින් සජීවීව විකාශය විය. පංච පුද්ගල විනිසුරු මඬුල්ලේ ඒකමතික තීරණය අනුව සමස්ථ ශූරතාවය හිමිකරගත්තේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයයි. සමස්ථ තරගාවලියේ දක්ෂතම විවාදකයා ලෙස කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ දිනිර ෆ්‍රැන්සිස්කෝ ද දක්ෂතම විවාදිකාව ලෙස කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ දිනිති නිලුපුලී අභිසෙස් ලැබීය.

Leave a Comment